කොටි ත්‍රස්තයන්ට එරෙහිව වසර 30 ක් ඇදීගිය යුද්ධයේ තීරණාත්මකම අවදිය වන විට මහින්ද සමරසිංහ මානව හිමිකම් හා ආපදා කළමණාකරන ඇමති වුවද ඊට යටින් ඔහු රටට ඉටුකල වගකීම් සම්භාරය අති විශාල විය.
එනම් රටට එරෙහිව ජිනීවා මානව හිමිකම් මෙන්ම නිව්යෝර්ක් එක්සත් ජාතීන්ගේ සමුළු වලදීද කොටි එදා ලංකාවට එරෙහි දුර්මත පතුරවද්දී රට වෙනුවෙන් පළිහ ඇල්ලුවේ මහින්ද සමරසිංහ පුමුඛ කණ්ඩායමය. කොටි ලොවපුරා විසුරවූ දෙමළ ජනතාවට එරෙහිව ලංකාණ්ඩුව සිදුකරනා මහා මිනිස් සංහාරය යන පදනම බිඳලමින් "ත්‍රස්තවාදීන්ට එරෙහි සටන" පමණක් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ දියත් කරන බව ලොවට ඒත්තු ගැන්වූයේ මහින්ද සමරසිංහය.
එය කොටි සංවිධානයට මහත් හිසරදයක් විය. ඝාතන ලැයිස්තුවේ ඉහළින්ම ඔහුගේ නම ලියැවින. මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ටොරින්ටන් ඇවනිව් හි මහින්දගේ නිවසට හැරෙන තුන්මංහන්දියේ කඩයේ කොත්තු බාස් ලෙස වැඩට ආවේ මහින්ද ඉලක්ක කරගෙනය. තවද එවකට විදේශ ඇමතිවූ කදිරගාමර්ගේ නිවස පිහිටියේද මහින්දගේ නිවසට පිටුපසින් නිසා එක ගලෙන් දැවැන්ත කුරුල්ලන් දෙදෙනෙකු ඝාතනය කිරීම කොටි සැලසුම විය.
රටේ වාසනාවට වැල්ලවත්තේ දී කොටුවූ මරාගෙන මැරෙන ත්‍රස්තයෙකුගේ පාපොච්චාරණය තුළ මහින්දගේ නිවස ඉදිරිපිට තබා තිබූ මරාගෙන මැරෙන කොත්තු බාස් කොටු නොවන්නට කදිරගාමර් කෙනෙක් මෙන්ම මහින්ද සමරසිංහ කෙනෙක්ද මේ රටට අහිමි වන්නට තිබිණ.
පසු කලෙක මහින්ද සමරසිංහ ත්‍රස්ත විමර්ශන අංශය (TID) වෙත ගියවිට එහි ප්‍රධානියා එම මරාගෙන මැරෙන්නට සිටි ත්‍රස්තයා ඇමති මහින්ද හමුවට කැඳවා අදාළ ඝාතන සැළසුම ගැන ඔහුගේ කටින්ම අසා දැන ගන්නට සලස්වා තිබේ.
Lanka Newsweek © 2026